මේ කතාව ඇහෙන්නේ කැබිතිගොල්ලෑව පැත්තෙන්… කතාවේ කතා නායකයා තරුණ විය නොඉක්ම වූ අයෙක් වන අතර, ඔහුගේ බිරිය විදෙස් රැකියාවේ නියුතු වුණා… ඔවුන් දෙදෙනාට තරුණ විය නොඉක්ම වූ බාලවයස්කාර දැරියක් සිටියා..
පසුව පියා ගොස් පොලීසියට පැමිණිලි කර දෙදෙනා පොලීසියට ගෙන්වා ගත්තාලු.. අවසානයේ දැරිය පරිවාස භාරයට පත්වෙලා… මේ ආරංචිය ඇසූ සැනින්, මෙවර නව වසර උදාවීමට සතියකට පෙර දිනෙක විදෙස්ගතව සිටි මව නිවෙසට පැමිණි අතර, දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය තරුණයා ප්‍රදේශයේ මේසන් වැඩ කරමින් ජීවත් වන අතර මේ අඹුසැමි දෙදෙනා අතර ද ඉතාමත් කුලුපගව සිටින අයෙක් ද වුණා..
මේ අතර පරිවාස කාර්යාලයෙන් දියණියට අලුත් අවුරුද්දට කෙටි නිවාඩුවක් දීමෙන් පසු ඇය තම නිවසට පැමිණියා.. තමාගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන ගිය තරුණයා ඇතුළු හිත මිතුරන් කිහිපදෙනකුට අවුරුදු පාටියක් දීමට විදෙස්ගතව සිට පැමිණි බිරිය සහ ඇගේ සැමියා තීරණය කළා.. සාදය ජයටම කෙරීගෙන ගියා.. එදින රාත්‍රියේ නිවසේ සංගීත බජව්වක්…
මාස්ටර්ලා ඔස්තාර්ලා කණ්ඩායමක්ම ඇවිත් සිටියා… සර්පිනා, තබ්ලා, සේරම ගගහා නානාප්‍රකාර සින්දු ගායනා කරන්නට පටන් ගත්තා.. තැබෑරුම්වල සීල් අරක්කු මෙන්ම ගමේ ගොඩේ චණ්ඩි බවට පත් කරන්න වැඩි වේලාවක් ගත වුණේ නැහැ.. මධ්‍යම රාත්‍රිය ගතවන විට සාදයේ පිරිස සීසී කඩ වැටී ගොරවන්නට වුණා… සැමියා පාන්දර අවදි වී බලන විට දියණියත් බිරියත් නිවසින් අතුරුදන්ව සිටියා…
බාලවයස්කාර දියණියගේ පෙම්වතා ද පෙනෙන්නට නොසිටියා… ඔහු කලබල වී විපරම් කර බලන විට ලියුම් කරදහියක් මේසය උඩ පෙනෙන්නට තිබුණා…
“මම දුව පරිවාසෙට ගිහින් භාර දෙනවා. එයාගේ කලවයස හරි යනකම් මම මෙයා එක්ක උළුමෝලේ වැඩ කරනවා. ඔයා වෙන අතක් බලාගන්න…”එහි තිබුණේ එසේය…
සැමියා අන්දුන් කුන්දුන් විය. ඔහුගේ ඥාති පිරිස මේ බව පොලීසියට දැනුම් දෙන ලෙස කීවත්, ඔහු පොලිසියට පැමිණිලි කිරීමට අකමැති විය. මේ වන විට නිෙවසින් එළියට නොබැස තනිපංගලමේ ජීවත් වන සැමියා කම්මුලේ අත තියාගෙන අහස පොළොව ගැටලන්න කල්පනා කරනවාලු.
Leave a Reply