දුම්රිය රියදුරෙක් කල කැත වැඩේ

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ අංක 50 දරණ දුම්රිය පෙරේදා (06)වන දා දහවල් කොග්ගල දුම්රිය ස්ථානයේ නතරකොට රියදුරු පලායාම නිසා තමන් මහත් අපහසුතාවට පත්වූ බව එම දුම්රියේ ගමන් ගත් මගීහු පවසති.

මෙම දුම්රිය පෙරේදා උදෑසන මරදානෙන් බෙලිඅත්ත බලා ධාවනය ආරම්භ කර ඇති අතර කොග්ගල දුම්රිය ස්ථානයට ලඟාවිමත් සමඟ රියදුරු තමාට අසනීප බවට ප්‍රධාන රියදුරු කාර්ය බාර නිලධාරිවරයාට දැනුම් දී කොග්ගල දුම්රිය පොලේ නතරකර පලාගොස් ඇත. ඉන්පසුව ඔහු ගැන කිසිම තොරතුරක් දැන ගැනීමට නෙහැකිව ඇත.

මෙම අවස්ථාවේ දුම්රියේ මගීන් 500කට අධික පිරිසක් සිට ඇති අතර ඔවුන් මහත් අපහසුතාවට පත්ව ඇත. එයට පැය කිහිපයකට පසු පැමිණි දුම්රියෙන් එම මගීන් පිටත්කර යැවීමට කොග්ගල දුම්රිය ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබේ.

වෙනත් පුවත්

රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසයි.

රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට අත්‍යවශ්‍ය බොහෝ ඖෂධ සහ උපකරණ රෝගීන් පෞද්ගලික මුදලින් වාට්ටු වෙත සැපයිය යුතු තත්වයක් උත්ගත වී ඇති බවත් මෙම තත්වය හේතුවෙන් රෝගීන් වැඩි පිරිසක් අපහසුතාවට පත්ව සිටින බවත් රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයෝ සඳහන් කරති.

කොළඹ ජාතික රෝහලේ බොහෝ වාට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට පෞද්ගලිකව රැගෙන එන ලෙස ඖෂධ සහ උපකරණ වර්ග ලියා ලබාදෙන බව කියන රෝහල් සේවකයෝ ඒවා මිලදීගැනීම සඳහා බොහෝ රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් සතුව මුදල් නොමැතිවීමෙන් අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකි බව ද සඳහන් කළහ. ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ඇතැම් ඖෂධ වර්ග සහ උපකරණ රෝගීන්ගෙන් පෞද්ගලික ගෙන්වා ගන්නා බවත් එම ඇතැම් ඖෂධ සහ උපකරණ රුපියල් 25,000, 30,000 හෝ ඊටත් වඩා මුදල් ගෙවා ගැනීමට සිදුව ඇති බවත් රෝහල් සේවකයෝ කියති.

කොළඹ ජාතික රෝහලේ බොහෝ වට්ටුවලින් ශල්‍යකර්මවලදී මැහුම් දැමීමට යොදෙන නූල් ද රෝගීන්ගෙන් ගෙන්වා ගන්නා බවත් මෙම තත්වයට ආණ්ඩුව මැදිහත් නොවුණ හොත් ජනතාව දැඩි අපහසුතාවට පත්වන බවත් රෝහල් සේවකයෝ වැඩි දුරටත් පවසති.

බොහෝ මූලික රෝහල්වල සායන සඳහා පැමිණෙන රෝගීන්ට සැපයීම සඳහා බෙහෙත් නොමැති බවත් දියවැඩියා රෝගීන්ට දෙන ‘ඉන්සියුලින්’ දැඩි හිඟයක් පවතින බවත් වැඩි දුරටත් දැනගන්න තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *