ට්‍රැක්ටරයකට පොලීසියෙන් වෙඩි

යපනය ගුරුනගර් ඉරුපලෙයි ප්‍රදේශයේදී නීතිවිරෝධීව වැලි ප්‍රවහනය කරමින් තිබූ ට්‍රැක්කටරයකට පොලිස් අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් එහි රියදුරු අත්අඩංගුවට ගත් බවට යපනය පොලීසිය ප්‍රකාශ කරන ලදී.

ගුරුනගර් සිට නීතිවිරෝධි වැලි ප්‍රවාහනය කරන ලද ට්‍රැක්ටරයක් පිළිබඳව යාපනය පොලීසියට ලැබුනු තොරතුරකට අනුව එහි නිලධාරීන් විසින් ගුරුගර ප්‍රධාන මාර්ගයේ මුරකාවල් යොදා සිටියදී අදාල වැලි ට්‍රැක්ටරය ධාවනය වී ඇති අවස්ථාවේ පොලීසිය විසින් ට්‍රැක්ටරය නැවත්වීමට එහි රියදුරුට අණ කොට තිබෙන බවට වාර්තා වනවා.

පසුව ට්‍රැක්ටරය අණ නොතකා ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් ට්‍රැක්ටරය පසුපස ලුහුබැඳ ගොස් ඇති අතර පසුව ට්‍රැක්ටරය නොනවැත්වීම නිසාවෙන් ට්‍රැක්ටරයට වෙඩි තබා තිබේ.

එහිදී රියදුරු බියට පත්ව ට්‍රැක්ටරය දමා පලා යාමට උත්සහ ගත් අවස්ථාවේදී පොලීස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් රියදුරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *