මගීන් නංවා ගැනීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පෞද්ගලික බස් රථයක මඟ හරස්කොට එහි රියදුරුට හා බස් රථයට යකඩ පොල්ලකින් පහර දුන් තවත් පෞද්ගලික බස් රථයක රියදුරුගේ හා කොන්දොස්තර වරයාගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගත් බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරියේ සභාපති විශ්රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පැවසීය.
එසේම මෙම තහනම බස්නාහිර පළාතේ මගී ප්රවාහනය කරන කිසිදු බස් රථයක සේවය කිරීමට නොහැකි වන සේ නියෝග ලබා දී ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් කීය.
මෙම සිද්ධිය ඉකුත් 04 දා සවස සිදුව තිබූ අතර හෝමාගම පිටකොටුව (138) හා පිටකොටුව ඉංගිරිය (125) පෞද්ගලික බස් රථ දෙකක් පිටකොටුවේ සිට හයිලේවල් මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබියදී ඉංගිරිය බස් රථය සෑම බස් නැවතුම්පළකම නවතා මගීන් නංවා ගැනීමට උරන වූ හෝමාගම බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා හෝමාගම ප්රදේශයේදී මඟ හරස් කොට බස් රථය නවතා ඉංගිරිය බස් රථයේ රියදුරට, කොන්දොස්තරවරයාට හා බස් රථයට යකඩ පොල්ලකින් පහරදී තර්ජනය කර තිබේ.
පසුව මේ සම්බන්ධයෙන් ඉංගිරිය බස් රථයේ සේවකයින් කළ පැමිණිල්ලකට අනුව හෝමාගම බස් රථයේ රියදුරුගේ සහ කොන්දොස්තරවරයාගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිට වූ බවත් සිද්ධිය වූ දා සිට මේ දක්වා බස් රථයේ ගමන් වාර ලබා නොදීමට පියවර ගත් බවත් සභාපති ගාමිණී ජාසිංහ මහතා පැවසීය.
Leave a Reply